ජනාධිපති කමිටුව සයිටම් ගැන අද සාකච්ඡාවක් | දිනමිණ

ජනාධිපති කමිටුව සයිටම් ගැන අද සාකච්ඡාවක්

මාලඹේ පෞද්ගලික වෛද්‍ය  විද්‍යාලය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුව සමඟ අද දිනයේ සාකච්ඡාවක් පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවේ  අද පැවැත්වෙන කමිටු රැස්වීමේදී  සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් හෙට දිනයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේදී තීරණයකට එළඹෙන බවයි.


නව අදහස දක්වන්න