ගයන්ත - නාපානේ නාහිමිගෙන් සමාව ගනියි | දිනමිණ

ගයන්ත - නාපානේ නාහිමිගෙන් සමාව ගනියි

ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමැති ගයන්ත කරුණාතිලක අද සමාව ලබා ගත්තේය.

ඒ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මාහිමියන්ගෙන් සහ සංඝ සභාවෙනි.

ඊට හේතුවී ඇත්තේ ඉංග්‍රීසින් විසින් දේශද්‍රෝහීන්  ලෙස නම්කළ විරුවන් 81 දෙනකු ජාතික විරුවන් ලෙස නම් කරමින් මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේදී ජනාධිපති ආරක්‌ෂක අංශ විසින් උන්වහන්සේට කළැයි කියන අගෞරවයක්‌ සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ.

මෙම ජාතික උත්සවය සඳහා සහභාගි වන ලෙස ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා විසින් මහ නාහිමියන් වෙත ආරාධනා කර තිබූ අතර නියමිත වේලාවට උන්වහන්සේ ඊට එක්‌වී ඇතත් ජනාධිපති ආරක්‌ෂක අංශය විසින් උන්වහන්සේට උත්සවයට එක්‌වීමේ අවස්‌ථාව වළක්‌වා ඇත.

නව අදහස දක්වන්න