පහරදීමකින් 01ක් මරුට - 01ක් රෝහලට | දිනමිණ

පහරදීමකින් 01ක් මරුට - 01ක් රෝහලට

ගාල්ල, සෙඩ්ගෝල් ගම්මානය ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී 36 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
 
පොලීසිය පැවසුවේ අද අළුයම නාදුනන පිරිසක් විසින් අඹුසැමි යුවලකට තියුණු ආයුධවලින් පහරදී ඇති අතර බරපතළ තුවාල ලැබූ ඔවුන් දෙදෙනා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී පිරිමි පුද්ගලයා මියගොස් ඇති බවයි.
 
තුවාල ලැබූ කාන්තාව තවදුරටත් කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.
 
සිද්ධියට අදාළ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල පොලීසිය විමර්ශන සිදු කරයි.

නව අදහස දක්වන්න