සමයං ඝාතනය - කඩුවෙල නගර සභාවේ මන්ත‍්‍රී අත්අඩංගුවට | දිනමිණ

සමයං ඝාතනය - කඩුවෙල නගර සභාවේ මන්ත‍්‍රී අත්අඩංගුවට

පාතාල නායක සමයං ඇතුළු 07 දෙනෙකු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කඩුවෙල මහ නගර සභාවේ හිටපු මන්ත‍්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය පැවසුවේ සැකකරුගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරිමෙන් අනතුරුව ඔහු මුදා හැර ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන පසුව මුදා හැරුණු නාගරික මන්ත‍්‍රීවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ අයෙකු බව සදහන්.

මෙම ඝාතනවලට සම්බන්ධ තවත් ගාල්ල වලහන්දූව ප‍්‍රදේශයේ සැකකාරියක් සහ පානදුර කෙසෙල්වත්ත  ප‍්‍රදේශයේ සැකකරුවකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මිට පෙර අත්අඩංගුවට පත්විය.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ සැකකාරිය ඇප මත මුදා හැර ඇති අතර සැකකරුගෙන් රැඳවුම් නියෝග මත ප‍්‍රශ්න කෙරෙන බවයි .

නව අදහස දක්වන්න