මල ගෙදරක ගැටුමක් - ගැබිණි මවකට බරපතලයි | දිනමිණ

මල ගෙදරක ගැටුමක් - ගැබිණි මවකට බරපතලයි

මඩකලපුව, කාත්තාන්කුඩි, ආරයම්පදි කර්බලා ගම්මානයේ කාලි කෝවිල් විදියේ මල ගෙදරක සිදුවු ගැටුමකින් ගර්භණී මව ඇතුළු නව දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාලකරුවන් කොළඹ, මඩකලපුව සහ ආරයම්පදි මුලික රෝහලේ ප්‍රථිකාර ලබයි.

මරණයට පත් වූ 74 හැවිරිදි කාන්තාවගේ මුණුබුරන් අතර සිදුවු ගැටුමින් මෙම සිද්ධිය සිදුවි ඇත.

අදාල කාන්තාව පසුගිය සෙනසුරාදා මරණයට පත්ව ඇති අතර එම කාන්තාවගේ මරණයේදි සැක ඇති බවට කණ්ඩායම් දෙකක් අතර ගැටුම් ඇතිවූ බට සඳහන්.

(මඩකලපුව වාර්ථාකරු - ජවුෆර්කාන්)

 

 

නව අදහස දක්වන්න