සභාපතිට පහර දුන් එ.ජා.ප. මන්ත්‍රී අත්අඩංගුවට | දිනමිණ

සභාපතිට පහර දුන් එ.ජා.ප. මන්ත්‍රී අත්අඩංගුවට

මහනුවර, මුස්ලිම් පල්ලි සංගමයේ සභාපතිවරයාට මහනුවර නගරයේ උත්සව ශාලාවක පැවැති රැස්වීමක් අතරතුර පහරදුන් බව කියන මධ්‍යම පළාත් සභා එ.ජා.ප. මන්ත්‍රීවරයකු අද මහනුවර මූලස්ථාන පොලීසියට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැණිනි.

මේ අතර පහර කෑමට ලක් වූ පල්ලි සංගම් සභාපතිවරයා වන කලිලුල් රහුමාන් අහමඩ් සිද්ධික් යන අය ප්‍රතිකාර සදහා මහනුවර මහ රෝහල වෙත ඇතුළත් කරනු ලැබ ඇත.

මහනුවර බාලිකා පාසැළක සංවර්ධන කටයුතු පිළිබදව මහනුවර ජින්නා අනුස්මරණ ශාලාවේ පැවැති රැස්වීමක් අතරතුර මෙම පහර දීම සිදුව තිබේ.

සභාපතිවරයා හා මන්ත්‍රීවරයා අතර ඇති වූ වචන හුවමාරුවක් දුරදිග යාමෙන් පහරදීම සිදුව ඇති අතර එයට පෙර කලක සිට මොවුන් අතර ආරවුලක් පැවැත ඇතැයි පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති බව සදහන්. 

අත්අඩංගුවට ගැණුනු සැකකාර මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරයාවන ජමල්ඩීන් ජෙයිනුලාබ්දීන් හෙවත් ලාෆිර් හාජ්ජියාර් නැමැති අය අද මහනුවර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට රුපියල් දස දහසක මුදල් ඇප හා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකාර මන්ත්‍රීවරයාට ලබන ජූනි 01 දා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.

(ඉන්දික පොල්කොටුව)

නව අදහස දක්වන්න