සමයං ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට | දිනමිණ

සමයං ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

කළුතර බන්ධනාගාර ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වූ බත්තරමුල්ල, තලංගම ප්‍රදේශයේ පදිංචි බන්ටි හෙවත් කුරුප්පුගේ චතුරංග පුෂ්පකුමාර මෙන්ඩිස් නැමැත්තෙකු සෙල්ලකතරගම ප්‍රදේශයේ සැඟවී සිටිය දී ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ පොලිස්පති පූජිත් ජයසුන්දරගේ විශේෂ නියෝගයක් මත ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
 
සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට ද තොරතුරු අනාවරණය වී ඇත.
 
ඔහුගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් මේ වන විට දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදු කෙරෙනු ඇති.
 
පසුගිය පෙබරවාරි මස 27 වනදා බන්ධනාගාර බස් රථයකට එල්ල වූ ප්‍රහාරයකින් සමයං හෙවත් අරුණ උදය ශාන්ත ඇතුළු රැඳවියන් පස් දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

නව අදහස දක්වන්න