ඩෙංගු බවට සැක තවත් 21ක් කින්නියා රෝහලට | දිනමිණ


 

ඩෙංගු බවට සැක තවත් 21ක් කින්නියා රෝහලට

ඩෙංගු බවට සැකකෙරෙන රෝගීන් 21 දෙනෙකු ගතවූ පැය 24 තුළ කින්නියා රෝහලට ඇතුළත්ව ඇති බව වාර්තාවේ.

කින්නියා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අජිඩ් මජිඩ් පැවසුවේ, පිළිවෙලින් ඉකුත් දිනවලදී 31 දෙනෙකු සහ 20 දෙනෙකු ද රෝහල්ගත ව ඇති බව ය.

කෙසේ වෙතත් මේ වන විට ප්‍රදේශයේ ඩෙංගු ව්‍යාප්තිය පාලනය වී ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

ඒ සදහා මදුරු මර්ධන විශේෂ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක බව සදහන්.

නව අදහස දක්වන්න