මීතොටමුල්ල මරණ සංඛ්‍යාව 32 දක්වා ඉහළට | දිනමිණ

මීතොටමුල්ල මරණ සංඛ්‍යාව 32 දක්වා ඉහළට

මීතොටමුල්ල කුණු කන්ද නායයාමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 32 දක්වා ඉහළ ගොස් ඇති බව යුද හමුදාව පවසයි.

ඒ අද පස්වරුවේ ආරක්ෂක අංශ විසින් තවත් මළසිරුරක් සොයාගැනීමෙන් අනතුරුවයි.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩයර් රොෂාන් සෙනෙවිරත්න කියා සිටියේ අතුරුදහන් වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර මේ වන විට අතුරුදන්ව ඇති පුද්ගලයන් සංඛ්‍යාව 10ක්.

කසළ කන්ද කඩා වැටීමෙන් පවුල් 246කට අයත් පුද්ගලයින් 1059 දෙනෙකු පීඩාවට පත්ව සිටියි.

ඉන් පවුල් 76කට අයත් පුද්ගලයින් 284 දෙනෙකු රැඳී සිටින්නේ අවතැන් කඳවුරේයි. 

මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මීතොටමුල්ල කසළ කන්ද ආශ‍්‍රිතව අවදානම් කලාප 03ක් හදුනා ගෙන තිබේ.

ඒ, කසළ කන්දේ තත්ත්වය පිළිබදව එම සංවිධානයේ කණ්ඩායමක් සිදු කළ නිරීක්ෂණයන්ට අනුවයි.

නිවාස 130ක් පමණ මෙම අවදානම් කලාප 03ට අයත් බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළේ.

ඔවුන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට යුද හමුදාව හරහා දැනුවත් කිරීම් සිදු කිරීමටද පියවර ගෙන ඇත.

 


නව අදහස දක්වන්න

Or log in with...