මීතොටමුල්ල වායුගෝලයේ මීතේන් ඉහළට | දිනමිණ

මීතොටමුල්ල වායුගෝලයේ මීතේන් ඉහළට

මීතොටමුල්ල කසල කන්ද ආශ්‍රිතව බේරා ගැනීිමේ සහ සුන්බුන් ඉවත් කිරීමේ මෙහෙයුම් තවදුරටත් සිදු කෙරෙයි.

එම ප්‍රදේශයේ වායුගෝලයේ මීතේන් වායුවේ ප්‍රතිශතය කැපී පෙනෙන ලෙස වැඩි වී ඇතැයි ජපාන තාක්ෂණික කණ්ඩායම ලබාදුන් නිර්දේශ අනුව එහි මෙහෙයුම්වල නිරත හමුදා සාමාජිකයින් ඇතුළු පිරිස්වලට පැළඳීම සඳහා විශේෂ මුව ආවරණ ද ලබා දී ඇත.

මීට අමතරව මෙහෙයුම්වල නිරත පිරිස් හැර සෙසු පිරිස්වලට කසල කන්ද ආසන්නයට පැමිණීම සිීමා කිරීමට ද කටයුතු කර තිබේ.

මීතොටමුල්ල කසල කන්ද නැවත වරක් කඩා වැටීම වළක්වාලීම සදහා සුන්බුන් ඉවත් කළ කොටසේ ස්ථර තුනක් ලෙස ඉදි කළ වැටි මත පොලිතීන් එළීම අද ආරම්භ කෙරිණ.

 

නව අදහස දක්වන්න