ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය යහපත් | දිනමිණ

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය යහපත්

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය මේ වන විට යහපත් අතට පත්ව ඇති බව ලෝක බැංකුව පවසයි.

එහි උප සභාපති ඇන්ටි ඩික්සන් ප්‍රකාශ කර ඇත්තේ තවදුරටත් එය ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ලෝක බැංකුවේ සහය හිමි වන බවයි.

අමෙරිකාවේ වොෂිංටන් නුවර පැවැත්වෙන ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර්ධ වාර්ෂික සමුළුවට සහභාගී වී සිටින මුදල් අමාත්‍ය රවී කරුණානායක හමුවු අවස්ථාවේ දී ඇන්ටි ඩික්සන්මේ බව ප්‍රකාශ කර තිබේ.

පසුගිය 18 වන දින ආරම්භ වු මෙම සමුළුව අද දිනයේ අවසන් වීමට නියමිතය.

ජී - 24 මුදල් අමාත්‍යවරුන්ගේ හමුවට සහභාගී වූ රවී කරුණානායක එහිදී වර්තමාන ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා පවත්වා තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ මිට්සුහිරෝ කුර්සාවා මහතා සමඟ මුදල් අමාත්‍යවරයා සාකච්ඡා පවත්වා ඇති අතර එම සාකච්ඡා ඉතා සාර්ථකව පැවති බව මුදල් අමාත්‍යංශය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය කරගැනීම සම්බන්ධයෙන් ද ලෝක බැංකුවේ සහය ලබාදීමට එකඟතාව පළ කර තිබේ.

ඒ සඳහා විශේෂ විමර්ශන කණ්ඩායමක් නුදුරු දිනකදී ශ්‍රී ලංකාවට එවීමට එකඟතාව පළ කර ඇති බව මුදල් අමාත්‍යංය සඳහන් කළේය.


නව අදහස දක්වන්න