ලෝක කම්කරු දිනය අදයි | දිනමිණ

ලෝක කම්කරු දිනය අදයි

අසංක බණ්ඩාර

සමස්ත ලෝයේ කම්කරු ප්‍රජාව අද දිනට යෙදී ඇති මැයි දිනය  උත්කර්ශවත් අන්දමින් සමරයි.

මැයි දිනයේ ඉතිහාසය 1888 තරම් ඈත අතීතයකට දිව යන අතර එම වසරේ මැයි 01 වනදා ඇමරිකානු කම්කරුවන් 65000ක පිරිසක් පැය 08කට තම වැඩ මුරට ‍සීමා කරන ලෙස ඉල්ලා චිකාගෝ නුවරට එක්විය.

කම්කරු ජනතාවගේ මෙම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ චිකාගෝ කර්මාන්ත ශාලා හිමියන් තම කර්මාන්ත ශාලාව වසා දැමීමට තීරණය කිරීම නිසා තත්ත්වය උණුසුම් විය.

මේ නිසා ආවේගයට පත් දහස් ගණන් වන ජනයා චිකාගෝ හේමාකට් චතුරස‍්‍රයට ගලා එන්නට පටන් ගත්හ.මෙසේ රැස් වූ ජනයා අයුක්තියට අසාධාරණයට එරෙහිව පෙළ ගැසුණු අතර මිනීමරුවන් පෙන්වා දඬුවම් කරන්නැයි රාජ්‍ය පාලකයන්ගෙන් ඉල්ලා සිටියේය."

වැඩවර්ජනයේ තෙවන දින ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් කම්කරුවන් 04 දෙනෙක් ජීවිතක්ෂයට පත්විය.

එදින පොලිස් හා කම්කරුවන් වචන හුවමාරුවක පැටලුණු අතර එහිදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරියකු ද මිය ගියේය.ගැටුමක් දක්වා වර්ධනය වූ එය තවත් උග්‍ර වුයේ, පොලිස් නිලධාරීන් 06දෙනෙකුට ජීවිත අහිමි කරමිනි.

ඕගස්ටස් ස්පයිස්, ඇල්බට් පාර්ඩ්න්ස්, ඇඩෝල්ෆ් ෆීෂර්, ජෝර්ජ් එන්ගල්ස්, සැමුවෙල් ෆීල්ඩන්, ලුයිස් ලන්ග්, මයිකල් ස්ට්වැච් හා ඔස්කා නිබේ යන කම්කරු නායකවරු පොලිසීය විසින් අත්අඩංගුවට ගනු ලැබූ  අතර පසුව  ඔවුන්ට එරෙහිව නඩු පැවරිණිඔස්කා නිබේට වසර 15ක සිර දඬුවමක් නියම වූ අතර සැමුවෙල් ෆීල්ඩන්, මයිකල් ස්ට්වැඩ් දෙදෙනාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය.

චිකාගෝ සුපිරි කම්හල් හිමි ධනේශ්වරයින්ගේ මෙම කි‍්‍රයාවලිය එවක එහි සිටි පොලිසිය අනුමත කළත් ලොව කිසිඳු ජන වර්ගයක් අනුමත කළේ නැත.ඒ නිසාම ලෝකය පුරා පැතිර ගිය ජාත්‍යන්තර කම්කරු අරගලයකට මුල පිරීය.

පැය 08ක සේවා කාලයක් ඉල්ලා අරගල කරමින් එලෙස රුධිරය වැගිරූ තම සගයින් සදාතනිකව සිහිකිරීමට පැරිස් නුවරදී “ පෙඩ්ඩ‍්‍රක් එංගල්ස්ගේ “ ප‍්‍රධානත්වයෙන්1889 වසරේ රැස් වූ  ජාත්‍යන්තර කම්කරු සංවිධානය සැමරුම් උත්සවයක් පැවැත්වීමට තීරණය කළේය.

ඒ අනුව සැම වසරකම මැයි 01 වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කල අතර ලංකාවේ ප්‍රථම වරට කම්කරු දිනය සැමරුවේ 1927 වසරේය.ලංකා ඉතිහාසයේ පළමු මැයි රැළිය 1933 කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටියෙන්  අවසන් විය.

ශ්‍රී ලංකාවේ මැයි දින  ඉතිහාසය1926 වර්ෂයේ මැයි දිනය කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ විය.එදා මැයි දිනය, මැයි පෙරහැරක් පවත්වා වැඩ කරන ජනතාවට කී‍්‍රඩා උපකරණ තෑගි ලෙස ලබා දුන් අතර මෙම මැයි පෙළපාලිය පාලනය සඳහා කම්කරු පොලිස් හමුදාවක් යොදා තිබුණු අතර මත්පැන් පානයද තහනම් විය.

සැබවින්ම එය විනය ගරුක කම්කරු උළෙලක් වූ අතර පසු කාලය වන විට මෙය මැයි පෙළපාලියක් බවට පත් වූ අතර එය කී‍්‍රඩා තරග හා සම්මත රැළියක් බවට පත්විය.

1947 පමණ වනවිට මෙරට කම්කරු අරගල උත්සන්න විය.එහිදී වැඩ වර්ජනයක් සිදු වූයෙන් එයින් ගෙදර ගිය බොහෝ දෙනා පසුව කම්කරු නායකයන් බවට පත්වූහ.

1956 දී අගමැති බණ්ඩාරනායකගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පිලිප් ගුණවර්ධනගේ විප්ලවකාරී සම සමාජ පක්ෂයත් එකමුතුව පිහිට වූ මහජන එක්සත් පෙරමුණ රජයේ මැයි දිනයරතුපාටින් හා නිල් පාටින් පැවැත්විය.

එසේම ප‍්‍රථම වරට මැයි දිනය ජාතික නිවාඩු දිනයක් බවට පත් වූයේ බණ්ඩාරනායකගේ ආණ්ඩුවෙනි.ඒ වන විට කම්කරු ඇමතිවරයා ලෙස කටයුතු කළේ ටී. බී. ඉලංගරත්න මහතාය.

අනතුරුව 1956දී මැයි දිනය මෙරට නිවාඩු දිනයක් ලෙස නම් කරන ලදී.

කෙසේ වෙතත් කම්කරුවන් වෙනුවෙන් වෙන්වූ ජාත්‍යන්තර කම්කරු දිනය වර්තමානයේ රට තුළ නිර්මාණය වී ඇති දේශපාලන පක්ෂයන්හී අත්තනොමතික අවශ්‍යතාවයන් මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් වෙන් කිරීම හේතුවෙන් කම්කරු දිනයේ මූලික වටිනාකම් කෙරෙහි අවධානය බොහො දෙනෙකු වෙතින් ගිලිහී ඇත.

නව අදහස දක්වන්න