ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් දිනය අද | දිනමිණ

ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් දිනය අද

දූෂණයට විරුද්ධව සටන් කරන ලොව පුරා සිටින මාධ්‍යවේදින් මර්දනයට ලක්ව ඇති බව ‘‘ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්‘‘ ආයතනය පවසයි.

අදට යෙදෙන ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ බොහෝ මාධ්‍යවේදින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතුව ඇති බවයි.

ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයට අනුව ශ‍්‍රි ලංකාව සුළු දියුණුවක් පෙන්නුම් කර තිබේ.

රටවල් 180ක් අතරින් ශ‍්‍රී ලංකාවට 141 වන ස්ථානය හිමිව ඇති බවයි ‘‘ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය‘‘ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

පැරිස් නුවර පිහිටි ‘‘රිපෝර්ටර්ස් විතවුට් බෝර්ඩර්ස්‘‘ ආයතනය විසින් අදාළ සමීක්ෂණය සිදු කරනු ලැබීය.

ඒ, එම රටවල මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව, නීතිමය රාමුවේ ගුණාත්මක භාවය ඇතුළු කරුණු රැසක් පදනම් කර ගනිමින්.

නව අදහස දක්වන්න