මුලතිව් දිළිදු ජනතාවට ඇගළුම් පුහුණුව | දිනමිණ

මුලතිව් දිළිදු ජනතාවට ඇගළුම් පුහුණුව

මුලතිව්හී සිටින දිළිදු ජනතාගේ ජීවන මට්ටම ඉහළ දැමීමේ අරමුණින් සහ සංහිදියා ක්‍රියාදාමය ඔප් නංවනු පිණිස ඇගළුම් කර්මාන්තය කිරීමේ පුහුණු කර්මාන්ත ශාලාවක් ආරම්භ කෙරිණ.

ඒ මුලතිව් දිසාපති, රූපවති කේතීශ්වරන් සහ මුලතිව් ප්‍රදේශය භාර ආඥාපති, දම්පත් ප්‍රනාන්දුගේ අධීක්ෂණය සහ උපදෙස් යටතේය.

ප්‍රදේශයේ තරුණ - තරුණියන් 150 දෙනෙකු කැදවා සම්මුඛ පරීක්ෂණයක් මගින් තෝරාගත් 35 දෙනෙකුට මෙමගින් පුහුණුවක් ලබා දීමට නියමිතයි.

මෙම කර්තව්‍ය සදහා පුද්ගලික ඇගළුම් කර්මාන්ත ආයතනයක් මැදිහත්ව ඇති අතර ඉදිරියේ දී ඇගළුම් ක්ෂේත්‍රයේ රුකියා 300ක් ලබා දෙනු ඇති.

 

නව අදහස දක්වන්න