වැසි සමග තද සුළං - විමසිල්ලෙන් පසුවන්න | දිනමිණ

වැසි සමග තද සුළං - විමසිල්ලෙන් පසුවන්න

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම හා වයඹ පළාත්වල අද  විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව ඇතැම් ස්ථානවල මි.මි. 100 වැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු වියහැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

                                                       මහජනයා සඳහා කාලගුණ අනාවැකි

                                    2017 මැයි මස19 වන දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

දිවයින හරහා (විශේෂයෙන්  මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම ප්‍රදේශවල) විටින් විට හමන පැ.කි.මී.50 දක්වා වනතරමක් තද සුළං  සහදිවයින වටා  වන මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන (පැ.කි.මී.60-70 දක්වා) තද සුළං අපේක්ෂා කළ හැක.

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ.

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යමසහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථාන වල (මි.මි. 100 ට වැඩි) තද වැසි බලාපොරොත්තු විය හැක.

නැගෙනහිර සහ ඌව පළාත්වල සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

                                               ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

                                              2017 මැයි මස19 වන දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

පුත්තලම සිට මන්නාරම හරහා ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන (ගිනිකොණ දෙසින්)  මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැ.කි.මී.60-70 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැක.

සෙසු මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා වැඩිවිය හැකි නිසා එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.

පුත්තලමසිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැක.

සුළං  නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ. 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ ගිගුරුම් සහිත වැසි ඇති වන විටද තාවකාලිකව රළු විය හැක.

ධිවර සහ නාවික ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන මෙන් ඉල්ලා සිටියි.

 

 

නව අදහස දක්වන්න