විද්‍යා ඝාතන නඩුව යාපනය මහාධිකරණයේදීම | දිනමිණ

විද්‍යා ඝාතන නඩුව යාපනය මහාධිකරණයේදීම

සමුහ දූෂණයට ලක් කර මරා දැමූ යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතන නඩුව යාපනය මහාධිකරණයේදීම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නීතිපති දෙපාර්තුමේන්තුව තීරණය කර ඇත.

වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පත්කර ඇත.

යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් සහ ත්‍රීකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නලිංගම් ප්‍රේමශංකර් යන  විනිසුරුවරු ද මෙම විනිසුරු මඩුල්ලට අයත් වෙති.

යාපනය කයිඩ්ස් පුංකුඩිතීව් මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ විද්‍යා සිසුවිය ඉකුත් 2015 මැයි 13 වැනිදා පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කර ඝාතනය කර තිබුණි.

ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 12 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැණුනු අතර මෙහි සැකකරුවන් දස දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකරනු ලැබ ඇත.


නව අදහස දක්වන්න

Or log in with...