දුමින්ද ගැන වෙලේ සුදාගෙන් තොරතුරු | දිනමිණ

දුමින්ද ගැන වෙලේ සුදාගෙන් තොරතුරු

අසංක බණ්ඩාර
දුමින්ද සිල්වාට ජනදයට දුන් ලක්ෂ 20 ඉල්ලූ පසු තම නිවසට සුදු වෑන් එවූ බව වෙලේ සුදා අද අධිකරණය හමුවේ පවසා තිබේ.
 
හෙරොයින් ග්‍රෑම් හතක් ළඟ තබාගෙන ගල්කිස්සේ දී ජාවාරම් කළැයි  වෙලේ සුදාට එරෙහිව මහාධිකරණයේ පවරා ඇති නඩුව අද විමසූ අවස්ථාවේ මේ බව පවසා ඇත.
 
මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ රජයේ නීතීඥවරියගේ හරස් ප්‍රශ්න හමුවේ ඔහු එසේ පවසා ඇතැයි සදහන්.
 

නව අදහස දක්වන්න