ඥාණසාර හිමියන් අදත් අධිකරණය මගහරියි | දිනමිණ

ඥාණසාර හිමියන් අදත් අධිකරණය මගහරියි

අධිකරණයේ කටයුතු වලට බාධා කිරිම සම්බන්ධයෙන් ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින්  අභියාචනාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම අද කැඳවා තිබූණි.

එහිදී ඥාණසාර හිමියන්ට අධිකරණය හමුවේ පෙනීසිටීමට නියෝග කර තිබුන ද උන්වහන්සේ අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

ඥාණසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ පවසා සිටියේ එම හිමියන් අසනීපව රෝහල් ගතව ප්‍රතිකාර ලැබීම හේතුවෙන් අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටි බවයි.

ඒ අනුව අභියාචණාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ  විසින් නියෝග කළේ මෙම නඩුව ලබන 12 වනදා යළි කැදවීමටයි.

 

නව අදහස දක්වන්න