ඥානසාර හිමිට එරෙහි නඩු විභාගයට දින නියම කෙරේ | දිනමිණ

ඥානසාර හිමිට එරෙහි නඩු විභාගයට දින නියම කෙරේ

බොදුබල සේනා සංවිධානයේ මහා ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව උසාවියට අපහාස කිරීමේ චෝදනාව යටතේ නීතිපතිවරයා පනවා ඇති නඩුව අභියාචනාධිකරණයේ දී අද කැඳවු අතර එය ලබන ජුලි මස 18, 19, 20 විභාගයට ගැනීමට දින නියම කෙරිණ.

ඒ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී දැක්වූ හැසිරීමක් සම්බන්ධයෙනි.

අද ඥානසාර හිමි අධිකරණයට පැමිණ නොසිටි අතර නීතිපතිවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ඉල්ලා සිටියි.

එහි දී අධිකරණය කියා සිටියේ ඊළඟ නඩු දිනයේ දී නොපැමිණියහොත් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන බවයි.

ඥානසාර හිමි වෙනුවෙන් පෙනී සිටි ජනධිපති නීතිඥ ටිරන්ත වරලියද්ද පැවසුවේ උන් වහන්සේට ජීවිත තර්ජන ඇති නිසා උසාවියට නොපැමිණෙන බවයි.

එවැන්නක් වාර්තා නොවන බව කියා සිටි අධිකරණය ඊළඟ නඩු දිනයේ අනිවාර්යයෙන් පැමිණිය යුතු බව සඳහන් කළේය.

අභියාචනාධිකරණ විනිසුරුවන් ලෙස ක්‍රියා කළේ  A.T. B. දෙහිදෙනිය සහ දේවිකා තෙන්නකෝන්.

නව අදහස දක්වන්න