කරාපිටියේ කල විස්මිත සැත්කම | දිනමිණ

කරාපිටියේ කල විස්මිත සැත්කම

පොල් ගසකින් ඇදි වැටී සිවු දරු පියෙකුගේ වම් කකුලේ කලවා ප්‍රදේශය පසාරුකර ගෙන ඇනී තිබු අඩි පහක් පමණ දිග උලක් කරාපිටිය ශික්ෂණ රෝහලේදී විස්මිත සැත්කමකින් ඉවත් කිරිමට එම රෝහලේ නහර හා අවයව බද්ධ කිරිමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරිට හැකිවී තිබේ.

මෙම විස්මිත සැත්කම නිසා මරණින් බේරී නැවත ජීවත්වීමේ වාසනාව හිමිකර ගෙන ඇත්තේ අගුණකොලපෑලැස්ස උස්වැව පදිංචි එදිරිගේ පියසිරි නැමැති පනස් පස් හැවිරිදි සිව්දරු පියෙකි.

12 වැනි දින මොහු එම ප්‍රදේශයේ වත්තක ගසක පොල් කඩා බහින විට අඩි 35ක් පමණ උසකින් ඇද වැටී ඒ අසල ඇති වැටක ගනිසීරියා ගසක් මතට වැටි ඇත.

එම ඇද වැටීමේදී මොහුගේ වම් පාදයේ කලවා ප්‍රදේශය පසාරු කර ගෙන ගොස් එම ග්ලිසීඩියා උල ඇනී තිබේ.

ඊට පසු තුවාලකරු ඇඹිලිපිටිය රෝහලට ඇතුලු කිරීමෙන් පසුව උලත් සමග 12 වැනි දිනම සවස කරාපිටිය ශීක්ෂණ රෝහලට තුවාලකරු මාරු කර ඇත කරාපිටිය ශීක්ෂණ රෝහලේදී පැය දෙකහමාරක් තිස්සේ කරන ලද විස්මිත සැත්කමකින් පසුව කකුලේ ඇනී තිබූ උල ඉවත් කිරීමට විශේෂඥ වෛද්‍ය රංජුක උබේසිරි ඇතුලු වෛද්‍ය මණ්ඩලයට හැකිවී ඇත.

(දකුණු පළාත් සංචාරක එස් දීයගහගේ)

අදහස් 1ක් ඇත

These are real doctors like gods , we have to bows and respect them for their unvalued duty they render to the innocent patients . Their is a bunch of clowns that disrespects the profession by making media appearances and slings mudde on others and behaves like politicians . Shame .

නව අදහස දක්වන්න