"ප්‍රවේසමෙන් ! කුකුළේ ගඟ වාන් දොරටු ඇරේවි" | දිනමිණ


 

"ප්‍රවේසමෙන් ! කුකුළේ ගඟ වාන් දොරටු ඇරේවි"

තද වැසි හමුවේ කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කළ හැකි බැවින් එහි පහළ ප්‍රදේශවල වෙසෙන ජනතාවට ඒ පිළිබඳ විමසිල්ලෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි ඉල්ලා සිටියේ එවැනි හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා සූදානමින් සිටින ලෙසය.

මේ අතර ශ්‍රී ලංකාවේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව පවසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂයෙන් සබරගමුව, බස්නාහිර, මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව සදහන් කළේය.

නව අදහස දක්වන්න