ගුවන් හමුදාවට ගිනි නිවන රථයක් | දිනමිණ

ගුවන් හමුදාවට ගිනි නිවන රථයක්

ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනම මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සදහා රුපියල් ලක්ෂ 450 ක් වටිනා ගිනි නිවන රථයක් සහ රුපියල් ලක්ෂ 350 ක් වටිනා නවීන තාක්ෂණයෙන් යුත් ගිලන් රථයක් පරිත්‍යාග කෙරිණ.
 
එය නිල වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදීම අද (19) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී  සිදු විය.
 
මාතර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණගේ ඉල්ලීම පරිදි මෙම පරිත්‍යාගය සිදු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
 
ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනමේ සභාපති ආචාර්ය ලාල් තිලකරත්න සහ එරංගා තිලකරත්න විසින් ඊට අදාළ ලිපි ලේඛන ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ ද මෙම අවස්ථාවට එක් විය.

අදහස් 1ක් ඇත

Excused me, what a bigger mistakes done the media . Today's same article appears in two leading news papers , Daily News says Navy and this Dinaminea says Air Force by doing these they misleads the readers . Doesn't know what sort of a persons handles before it goes to the printing . These are biggest mistakes . By talking and acting their the best . Shame on you guys .

නව අදහස දක්වන්න