වර්ෂාවත් සමග ජලය බැස නොයෑමට හේතු | දිනමිණ

වර්ෂාවත් සමග ජලය බැස නොයෑමට හේතු

අහංගම සමූහ
ගාල්ල දිසා සමුහ

පවතින ධාරානිපාත මහ වැස්ස නිසා හබරාදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල පිහිටි ගම්මාන කීපයක් ජලයෙන් යටවී ඇතැයි හබරාදූව ප්‍රාදේශීය ලේකම් තරංගා වික්‍රමරත්න පැවසුවාය.

දවස පුරා පැවති වර්ෂාව හේතුවෙන් කහවැන්නගම, හරුමල්ගොඩ, මීපේ, ඔලගන්දූව, නාකන්ද සහ වැලිවත්ත ඇතුලු තවත් ගම්මාන කීපයක් ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

ගංවතුරෙන් අවතැන්වී ඇති පවුල්වලට පිසූ ආහාර සැපයීමට හබරාදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇත.

මේ අතර පෑලැස්ස ගම්මානයේ ගංවතුරෙන් අවතැන්වූ පවුල් දහයක් තිත්තගල්ල ඛෙත්තාරාම විහාරස්ථානයේ ලැගුම් ගෙන ඇතැයි වාර්තාවේ.  

එමෙන්ම ගංවතුර බැස්සවීම සදහා කොග්ගල මෝය කට කැපිමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පියවර ගෙන ඇතත් නැවත නැවත මෝයකට වැලිවලින් වැසීයෑම නිසා ගංවතුර ඉක්මනින් බැස්සවීම අපහසුවී ඇතැයි සදහන්.

එම නිසා කොග්ගල මෝයකට කැපීමේ කටයුතු ක්‍රියාත්මක කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බවද ප්‍රාදේශීය ලේකම්වරිය පැවසුවාය.

මේ අතර පසු ගිය තෙදින පුරා ඇද හැළුනු වැස්සෙන් හබරාදුව ප්‍රදේශයේ බොහොමයක් ස්ථාන වැසි වතුර තර්ජනයට මුහුණ පැමට සිදු වු නිසා ජන  ජිවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇත.

මෙම තත්වයට බොහොමයක් හේතු වි ගොස් ඇත්තේ පුද්ගලයින් විසින් සිදුකොට තිබු අනවසර ඉදිකිරිම් හා ගොඩ කිරිම් සම්බන්දයෙන් ජනතාව විසින් හබරාදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට හා ප්‍රාදේශිය සභාවලට කර තිබු පැමිණිළි වලට කිසිදු ප්‍රතිචාරයන් නො දැක්වීමයි.

විශේෂයෙන් කොක්වත්ත ප්‍රදේශයේ ප්‍රාදේශිය සභාවට අයිති ඇලක් වැනි කාණුවක් ව්‍යාපාරිකයකු විසින පස්දමා වසා දැමිම නිසා මුළු පළාතක්ම යට වි ගොස් තිබු අතර මෙම සිද්ධිය අදළ අංශ විසින් යටපත් කොට තිබිම සම්බන්ධයෙන් මහජනතාව මහ වැස්සෙහි තෙමෙමින් උද්ඝෝෂණයක ද යෙදුනි.

 

නව අදහස දක්වන්න