ධීවරයින් නිදහස් කරන්නැයි ඉල්ලිමක් | දිනමිණ

ධීවරයින් නිදහස් කරන්නැයි ඉල්ලිමක්

අසංක බණ්ඩාර

ඉන්දීය ධීවරයින් වහාම නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ඉන්දීය, “ජාතික ධීවර කම්කරු සංසදය“ ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

පසුගිය සදුදා දිනයේ ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි ජාතික ධීවර කම්කරු සංසදයේ සභාපති එම්. ඉලංගෝවන් පවසා ඇත්තේ.

ධීවරයින් වහා නිදහස් කර ඔවුන්ගේ යාත්‍රාද නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ද ඉලංගෝවන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

අදාළ ඉන්දිය ධීවරයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ලිඛීතව දැනුම් දී තිබුණි.

 

 

නව අදහස දක්වන්න