කඩ-ඉම් ප්‍රශ්ණ පත්‍ර බෙදා නැහැ | දිනමිණ

කඩ-ඉම් ප්‍රශ්ණ පත්‍ර බෙදා නැහැ

අසංක බණ්ඩාර

දිඹුලාගල අධ්‍යාපන කලාපය සඳහා බෙදා දුන් ප්‍රශ්න පත්‍ර කට්ටල විධිමත් පරිදි බෙදා දී නොමැති බවට ලැබුනු රහසිගත තොරතුරක් මත අභ්‍යන්තර විගණන අංශය, ප්‍රධාන අමාත්‍ය විමර්ශන ඒකකය විසින් හදිසී වැටලීමක් කොට කලාප කාර්යාලය තුළ ගොඩ නගා තිබු ප්‍රශ්න පත්‍ර පිළිබඳව හදීසි පරීක්ෂණයක් සිදුකර තිබේ.

ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වන දරුවන්ගේ දැනුම සාධනීය මට්ටමට ගෙන ඒමේ අරමුණින් ප්‍රතිප්‍රබෝධාතා සිසු විභවතා ඇගයීම් වැඩසටහන යටතේ කඩඉම් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබුණි.

මේ අතරින් දිඹුලාගල අධ්‍යාපන කලාපය සඳහා බෙදාදුන් ප්‍රශ්න පත්‍ර කට්ටල විධිමත් පරිදි බෙදා දීම නොමැති බවත් ඒවා අදාල කාර්යාලයේ ගොඩ ගසා ඇති බවත් අනාවරණය වී ඇත.

මෙහිදී දිඹුලාගල කලාප අධ්‍යාපන කාර්යාල බල ප්‍රදේශයට අයත් 5 වසර ශිෂ්‍යත්වලාභීන් ඇති පාසල් 96 ක් වෙත බෙදා දීම සඳහා රජයේ මුද්‍රණාලයෙන් මුද්‍රණය කර බෙදා දී ඇති ප්‍රශ්න පත්‍ර සියල්ලම සොයා ගත හැකි වි තිබේ.

(අනුරාධපුර - මධ්‍යම විශේෂ)
 
 

නව අදහස දක්වන්න