කරාපිටිය රෝහල් වර්ජනය අවසන් | දිනමිණ

කරාපිටිය රෝහල් වර්ජනය අවසන්

අසංක බණ්ඩාර

හෘද හා උරස් ඒකකයේ වි ඇති අක්‍රමිකතා පිළිබද පරික්ෂණයක් පවත්වන බවට සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා විසින් ලබා දුන් පොරොන්දුව නිසා කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් විසින් ආරම්භ කළ වෘත්තිය ක්‍රියා මාර්ගය අද පස්වරුවේ තාවකාලිකව නැවැත්වූ බව කරාපිටිය රෝහලේ විශේෂඥ උරස් ශල්‍ය වෛද්‍ය වෛද්‍ය ධම්මික රස්නායක පවසයි.

ගාල්ල කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකුට ද්වේෂ සහගත ලෙස පුද්ගලික පලිගැනිමක් මුල්කරගෙන සිදු කරණ පරික්ෂණයට ප්‍රථම හෘද හා උරස් කුහර ඒකකයේ වි ඇති අක්‍රමිකතා පිළිබද පරික්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දිගින් දිගටම ඉල්ලා සිටියද ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු නොකිරිම නිසා වෘත්තිය ක්‍රියා මාර්ගයක් ගැනිමට සිදුවු බව කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරු පැවසුහ.

එම වෘත්තිය ක්‍රියා මාර්ගය පෙරවරුවේ සිට ආරම්භ කරන ලදි.

රෝගින් පිඩාවට ලක්කිරිම තම අරමුණ නොවූ බව පැවසු විශේෂඥ වෛද්‍යවරු, තම ඉල්ලිම් වලට විසදුමක් ලබා දෙන ලෙස වෘත්තිය ක්‍රියා මාර්ගය ආරම්භ කිරිමට දින හතරකට කලින් රෝහල් අධ්‍යක්ෂකවරයාගේ මාර්ගයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වෙත දැනුම් දුන් බවද කියති.

තමන් වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කිරිමට ප්‍රථම මෙම ප්‍රශ්නයට විසදුම් දිමට සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරින්ට ඕනෑ තරම් ඉඩකඩ තිබු බවද ඔවුන් පෙන්වා දෙති. හෘද හා උරස් කුහර ඒකකයේ වි ඇති අක්‍රමිකතාවයන් හා අත්තනොමතික පාලනය ගැන විදිමත් පරික්ෂනයක් පවත්වන ලෙස විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දිගින් දිගටම ඉල්ලා සිටි බවද ඔවුහු පෙන්වා දෙති.

එහෙත් විශේෂඥ වෛද්‍යවරයකු විසින් හෙදියකට බැණවැදුනා යැයි කියමින් පුද්ගලික පලිගැනිමකට මෙකි විශේෂඥ වෛද්‍යවරයාට එරෙහිව පරික්ෂණයක් පැවැත්විමට තින්දු කිරිම අනුමත කළ නොහැකි බවද විශේෂඥ වෛද්‍යවරු පවසති.

(දකුණු පළාත් සංචාරක එස්.දීයගහගේ - හිනිදුම විශේෂ රවීන්ද්‍ර ලියනගේ)

 

නව අදහස දක්වන්න