දිස්ත්‍රික්ක 03කට නාය අවදානම | දිනමිණ

දිස්ත්‍රික්ක 03කට නාය අවදානම

දැනට දිවයිනට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර, කෑගල්ල හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට නාය යාමේ අවදානමක් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ එම දිස්ත්‍රික්කවල ජනයාට අවදානමෙන් සිටින ලෙස දැනුම් දී ඇති බවයි.

මේ අතර අද දින දැනට පැවතුනු ගිගුරුම් සහිත තද වැසි තත්වය සාපේක්ෂව අඩු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත්, උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ වල දැනට පවතින වැසි තත්වය තව දුරටත් පවතී.

උතුරු සහ නැගෙනහිර පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සෙසු ප්‍රදේශවල සවස 2.00න් පසුතැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. 

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

නව අදහස දක්වන්න