අය වැය ගැන නිවේදනයක් | දිනමිණ

අය වැය ගැන නිවේදනයක්

ලබන වසර සදහා ඉදිරිපත් කෙරෙන අයවැය ප‍්‍රාග්ධන මූලික අයවැයක් බව මුදල් අමාත්‍යංශ නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

එම නිවේදනයේ සදහන් වන්නේ පුනරාවර්ථන වියදමට වඩා වැඩි ආදායමක් උපයා ගැනීමට ද මෙම අයවැයෙන් අපේක්‍ෂා කරන බවයි.

ආදායම් උපයා ගැනීම සදහා විවිධ ක‍්‍රමෝපායන් හදුන්වාදෙන බවද විශේෂයෙන්ම අතහැර දමා ඇති ඇතැම් ක්‍ෂේත‍්‍ර ආදායම් ලබාගත හැකි පරිදි නැවත පන ගන්වන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරිණ.

මේ අතර ලබන වසර සදහා වන අයවැය වෙනුවෙන් මහජන යෝජනා එක්දහස් එකසියයකට වැඩි ප‍්‍රමාණයක්ද මේ වනවිට ලැබී තිබෙන බව ද සදහන්.

ඒවා සම්බන්ධයෙන් මෙන්ම මාධ්‍ය වාර්තා මගින් ඉදිරිපත් කෙරුණු යෝජනා කෙරෙහිද මුදල් අමාත්‍යවරයාගේ අවධානය යොමුවී ඇති බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

සියලු යෝජනා කාණ්ඩ 10 ක් යටතේ සලකා බැලෙනු ඇති.

රැකියා උත්පාදනය, රාජ්‍ය අංශයේ ප‍්‍රතිසංස්කරණ, යටිතල පහසුකම්, මූල්‍ය, ආයෝජන හා කෘෂිකර්මය එවැනි ක්‍ෂේත‍්‍ර කිහිපයක්.

සමාජ ජීවිතය ගොඩනැගීම, දිළිදු සහනාධාර, අධ්‍යාපන සංවර්ධනය සහ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනය සෙසු ක්‍ෂේත‍්‍රයන් වෙයි.

ලබන වසර සදහා වන අයවැය ලබන 20 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අදහස් 2ක් ඇත

ආර්ථික ප්‍රශ්න වලින් මිරිකෙමින් නිසි පෝෂණයක් නොලබමින් වසර ගණනාවක් දැවුණු ජනතාවට විශාල ලෙස බඩු මිල පහත හෙලන අය වැයක් බලාපොරොත්තු විය හැකි බව මාගේ අදහසයි

රටේ ප්‍රදාන ප්‍රශ්නයක් වන මන්දපෝෂණය රටෙන් තුරන් කිරීමට නම් 60% කින්වත් බඩු මිල පහත දාන්න ඕනේ. රටේ සංවර්දනයට මන්දපෝෂණය තුරන් කිරීම අත්‍යාවශ්‍යයි.

නව අදහස දක්වන්න