වෙිඩි වැදුනු අලියාට තවමත් ප්‍රතිකාර නැහැ | දිනමිණ

වෙිඩි වැදුනු අලියාට තවමත් ප්‍රතිකාර නැහැ

කැකිරාව ඉපලෝගම මානෑව ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක බරපතල තුවාල ලබා රෝගාතූර වීම හේතුවෙන් නැගී සිටිමට නොහැකිව වැටී සිටින වන අලියෙකු ගම්වාසීන්ට හමුවි තිබේ.

එම වන අලියා මානෑව ප්‍රදේශයේ තේක්ක වත්තක වැටී සිටියදී අද අලුයම ගවයන් බැදීමට කැලයට ගිය පුද්ගලයකු දැක ඇති බවයි අප වාර්තකරු පැවසුවේ.

වන අලියාගේ ශරීරයේ ස්ථාන කිහිපයකම වෙඩි ප්‍රහාරයන්ගෙන් තුවාල සිදුව ඇති අතර එක් ඇසක සහ පසුපස වම් පාදය සෙලවීමට නොහැකි තත්ත්වයක සිටියි.

අඩි 8 ක් පමණ උස වයස අවුරුදු 30 ක් පමණ වන මෙම වන අලියා ඇතුළු අලි රංචුවක් මානෑව ගම්මානය අවට කැලෑ රොදේ නිරන්තරයන් සැරි සෑරු බවද ගම්වාසීන් පැවසුහ.

ඇතැම් පුද්ගලයින්ගේ වෙඩි ප්‍රහාරයන් හා මස් වැද්දන්ගේ මර උගුල් හේතුවෙන් මෙම වන අලියා තුවාල ලබන්නට ඇතැයි සැක කරන බවද ප්‍රදේශවාසීන් කියති.

බරපතල ලෙස ශරීරය පුරා වෙඩි උණ්ඩ වලින් තුවාල ලබා සිටින මෙම වන අලියා නැගී සිටිමට දැඩි උත්සහයක් ගත්තද පාදයක් සෙලවීමටවත් නොහැකි වීම හේතුවෙන් සිටිමට නොහැකි වී ඇති බව ඔවුන් පැවසුහ.

වන අලියකු බරපතල තුවාල ලබා වැටී සිටින බවට කැකිරාව වනජීවි කාර්යාලයට දැන්වූ මුත් මේ වන විටත් වන අලියාට කිසිදු ප්‍රතිකාරයක් නොලැබුණ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

(අනුරාධපුර මධ්‍යම විශේෂ)

 

 

නව අදහස දක්වන්න