කහ ඉර මතදී පාසැල් සිසුවෙක් අනතුරට | දිනමිණ

කහ ඉර මතදී පාසැල් සිසුවෙක් අනතුරට

අසංක බණ්ඩාර

හැටන් නගර මධ්‍යයේ පාසැල් ඇරී නිවසට යමින් සිටි පාසැල් සිසුවෙක් අද දහවල් 2.15 ට පමණ හැටන් ප‍්‍රධාන මාර්ගයේ කහ ඉර මතින් පාර මාරුවන අවස්ථාවේ අනතුරකට ලක්ව තිබේ.

වේගයෙන් පැමිණි යතුරුපැදියක් එම පාසැල් සිසුවා යටකර පලාගොස් ඇති අතර ඔහු නුවරඑළිය ප‍්‍රදේශයට පලාගොස් ඇති බව හැටන් පොලීසිය පවසයි.

හැටන් බොස්කෝ දමිළ මහා විද්‍යාලයේ තුන්වන 3 වසරේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවා මේ වන විට දික්ඔය මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

අනතුර සිදුකර පලාගිය යතුරුපැදිකරු සොයා හැටන් පොලීසිය මගින් මෙහෙයුමක් ක‍්‍රියාත්මකයි.

නව අදහස දක්වන්න