එෆ්.සී.අයි.ඩීය ගැන කරුණු දක්වන්නැයි නීතිපතිට නොතීසි | දිනමිණ

එෆ්.සී.අයි.ඩීය ගැන කරුණු දක්වන්නැයි නීතිපතිට නොතීසි

අසංක බණ්ඩාර
මූල්‍ය  අපරාධ විමර්ශන කොට්ඨාසය තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස  ඉල්ලා ගොනුකර ඇති පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු දක්වන මෙන් අභියාචනාධිකරණය නීතිපතිවරයාට දැනුම් දී තිබේ.
 
පෙත්සම්කරුවන් පවසන්නේ මූල්‍ය අපරාධ කොට්ඨාසය අග්‍රාමාත්‍යවරයාගෙන් සමන්විත කැබිනට් අනුකමිටුවක් මඟින් පාලනය වන බැවින් අදාළ කොට්ඨාසය ස්වාධීන බවින්  තොර ආයතනයක් වන හෙයින්  එය තහනම් කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා ඇත.
 
පෙත්සම අද  කැඳවු අවස්ථාවේ අභියාචානාධිකරණය ප්‍රකාශ කර ඇත්තේ මේ පිළිබඳව නීතිපතිවරයාගෙන් පළමුව කරුණු විමසීම අවශ්‍ය බවයි.
 
ඒ අනුව පෙත්සම මේ මස 17 වනදා කැඳවීමට නියම කළ අභියාචානාධිකරණය එදිනට මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස නීතිපතිවරයාට නොතිසි නිකුත් කර ඇත.
 
ඇල්ලේ  ගුණවංශ හිමි සහ මහාචාර්ය කාලෝ  ෆොන්සේකා මහතා විසින් අදාළ පෙත්සම  ඉදිරිපත් කර ඇත.
 

අදහස් 1ක් ඇත

අවසන් තීන්දුව අධිකරණය නම් පෙත්සම් කරුවන් නිවැරදි නම් බියවන්නේ ඇයි?කලයුත්තේ යුක්තිය ඉටු කිරීම මිස තහනම් කිරීම නොවේ.නීතිය නීතිය විසින් බාල්දු නොකරනු.

නව අදහස දක්වන්න