කොටකෙතන කාන්තා ඝාතන අභිරහස | දිනමිණ

කොටකෙතන කාන්තා ඝාතන අභිරහස

කහවත්ත, කොටකෙතන ස්ත්‍රීයක ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවෙකු එම ප්‍රදේශයේ සිදුවූ එවැනි ඝාතන 6ට සම්බන්ධවී ඇති බවට ඩී.එන්.ඒ සාම්පල පරීක්ෂාව මගින් තහවුරු වී තිබේ.

බොරැල්ල ජින්ටෙක් ආයතනයෙන් ලබාගත් අදාළ වාර්තාවන් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු විනිසුරු දිනේශ් ලක්මාල් ඉදිරියේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම කරුණු අනාවරණය කර ඇත.

කෙසේ වෙතත් සැකකරු‍ සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගනු ලැබූ උල් පිහියක්, වප් පිහියක් හා සැකකරුගේ ලේ තැවරුණු ඇඳුම් කිහිපයක් ජින්ටෙක් ආයතනයට යොමු කිරීමෙන් පසු එම ආයතනය විසින් සිදුකළ ඩී.එන්.ඒ පරීක්ෂණ මගින් මීට පෙරාතුව සිදුවූ ඝාතන 6ට සැකකරු සම්බන්ධවී ඇතැයි තහවුරු වී ඇති බව සඳහන්ය.

එහෙත් සැකකරු අත්අඩංගුවට ගනු ලැබූ ආසන්නතම පුද්ගල ඝාතනයට අදාළව ඩී.එන්.ඒ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවත්, එම වාර්තාවද සැකකරු හා සැසඳුනහොත් පුද්ගල ඝාතන 7ට මොහු සම්බන්ධ බව අනාවරණය වනු ඇතැයි අප වාර්තාකරු කියා සිටියි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගනිමින් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේශ් ලක්මාල් විසින් සැකකරු ලබන 29 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

 


නව අදහස දක්වන්න