2016 ඇරඹුමත් සමග ඩුබායි ගිනිගනී | දිනමිණ

2016 ඇරඹුමත් සමග ඩුබායි ගිනිගනී

2016 වර්ෂය ආරම්භයත් සමග ලොව උසම ගොඩනැගිල්ල වන ඩුබායි හි බර්ජ් කලීෆා (Burj Khalifa) ආසන්නයේ පිහිටි මහල් 63ක සුපිරි හෝටලයක් ගින්නකට හසුවිය.

විදෙස් වාර්තා පැවසුවේ ගින්න හේතුවෙන් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ඩුබායි හි නව වසරේ සැමරුම් ආරම්භ වීමට ආසන්නයේ තිබියදී විසිවැනි මහලේ ගින්න හටගත්  අතර ගිනි දැල්  අඩි 300ක් පමණ උසට  පැතිර ගොස් තිබිණ.

කෙසේ වෙතත් ගින්න පාලනය කෙරුණු අතර ගින්න හට ගැන්මට හේතුව අනාවරණ වී නැහැ. 

 

නව අදහස දක්වන්න