උතුරු කොරියාවට ඉහළින් ඇමරිකානු යානා | දිනමිණ

උතුරු කොරියාවට ඉහළින් ඇමරිකානු යානා

එක්සත් ජනපදය තම යුද බලය පෙන්වීම සඳහා දකුණු කොරියාවට ඉහළින් ප්‍රහාරක ජෙට් යානයක් පියාසර කර  බව වූ විදෙස් පුවත් පවසයි.

ජලකර බෝම්බයක් සාර්ථකව අත් හදා බැලූ බව උතුරු කොරියාව නිවේදනය කිරීමෙන් දින කිහිපයකට පසුවයි බී-52 වර්ගයට අයත් මෙම බෝම්බ හෙළන ජෙට් යානය දකුණු කොරියානු ගුවන් කලාපයේ පියාසර කරවා අැත්තේ.

මෙම දුර විහිදුම් ප්‍රහාරක යානය ගුවනේ පහල මට්ටමින් පියාසර කර ඇත්තේ එක්සත් ජනපද සහ දකුණු කොරියානු ප්‍රහාරක ජෙට් යානාවල ආරක්ෂාව මධ්‍යයේය.

මේ අතරතුර එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගෙන් එල්ල විය හැකි න්‍යෂ්ටික ප්‍රහාරයකින් තම රට ආරක්ෂා කර ගැනීම සඳහා ‘ආත්මාරක්‍ෂක පියවරක්’ වශයෙන් ජලකර බෝම්බයක් අත් හදා බැලූ බවයි උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් උන් පවසන්නේ.

 

 


නව අදහස දක්වන්න