ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් | දිනමිණ

ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක්

ඇමරිකානු ජනපති බරක් ඔබාමා සිය කලිසම් සාක්කුව තුළ රැගෙන යන දෑ පිළිබඳව විශේෂ හෙළිදරව්වක් කළේ 'යු-ටියුබ්' ආයතනය හා සාකච්ඡාවකට එක් වෙමින්.

සිය දේශපාලන දිවිය තුළ විවිධ පුද්ගලයන් වෙතින් ලැබුණු ඇතැම් ත්‍යාග තමා සමග රැගෙන යන බවයි ජනපතිවරයා කියා සිටියේ.

'ආශීර්වාද පිණිස සහ සිහිවටන වශයෙන්' තමා වෙත ලැබුණු දෑ ජනාධිපතිවරයා සිය කලිසම් සාක්කුවෙන් පිටතට ගෙන සාකච්ඡාව පැවැත්වූ මාධ්‍යවේදිනිය ඉදිරියේ ප්‍රදර්ශනය කළේය.

''ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පිරිනමන ලද කිතුනු නව ගුණ වැලක්, බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් විසින් දුන් කුඩා බුදු පිළිමයක්, කාන්තාවක් විසින් ලබා දෙනු ලැබූ හනුමාන් දේව රූපයක් සහ ඉතියෝපියාවේ සංචාරය කළ අවස්ථාවක ලැබුණු කුරුසියක්' ද ඒ අතර විය.

ඊට අදාළ වීඩියෝව පහතින් -

උපුටා ගැනීම - BBC ය ඇසුරෙනි.

 

නව අදහස දක්වන්න