දුම්රිය දෙකක් ගැටී 100ක් තුවාලයි | දිනමිණ

දුම්රිය දෙකක් ගැටී 100ක් තුවාලයි

ජර්මනියේ මගී දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් පුවත් පවසයි.

කෙසේ වෙතත් එරට පොලීසිය නිකුත්කළ දත්තවලට අනුව අනතුරින් පුද්ගලයන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ද සදහන්.

ජර්මනියේ බවාරියා ප්‍රාන්තයේ, මියුනිච් නගරයට ගිණිකොණින් කිලෝමීටර් 60ක් පමණ දුරින් වූ බෑඩ් ඇබිලින්ග් නගරය ආසන්නයේදී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් එක් දුම්රියක් පීලි පැන ඇති අතර, දුම්රිය මැදිරි කිහිපයක් පෙරලී ඇති බවද ජර්මානු මාධ්‍ය වාර්තා කරයි.

පොලීසිය පවසන්නේ දුම්රිය මැදිරිවල සිරවී සිටින පුද්ගලයන් ඉවතට ගැනීම සඳහා සහන සේවකයන් ප්‍රබල උත්සාහයක නිරත වන බවයි.

 

නව අදහස දක්වන්න