සිරියානු ගුවන් ප‍්‍රහාරවලින් ළමුන් ඇතුලු 16ක් මරුට | දිනමිණ

සිරියානු ගුවන් ප‍්‍රහාරවලින් ළමුන් ඇතුලු 16ක් මරුට

අසංක බණ්ඩාර
සිරියානු ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් කුඩා ළමයින් 13 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් තිබේ.
 
සිරියාවේ දේරා ප්‍රාන්තයේ ත්‍රස්ත ඉලක්කයක් වෙත මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා අනාවරණය කලේ.
 
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් සිරියානු රජය මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නැහැ.
 
2011 වසරේ සිට මේ දක්වා සිදු වූ ගැටුම් හේතුවෙන් සිරියානු වැසියන් දෙලක්ෂ තිස් දහසක් මිය ගොස් ඇති බව ද සදහන්.

නව අදහස දක්වන්න