නයිජීරියාවේ ප්‍රහාර‍යකින් 60ක් මරුට | දිනමිණ

නයිජීරියාවේ ප්‍රහාර‍යකින් 60ක් මරුට

නයිජීරියාවේ අවතැන් කඳවුරක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර‍යකින් පුද්ගලයින් 60 දෙනෙකු අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

නයිජීරියාවේ ඩික්වා නගරයට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර මරාගෙන මැරෙන කාන්තාවන් දෙදෙනෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් සංඛ්‍යාව 78 ක් පමණ වන බව එරට වාර්තා සදහන් කරයි.

කෙසේ වෙතත් ප්‍රහාරය සම්බන්ධ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නැහැ.

 

 

නව අදහස දක්වන්න