සිරකඳවුරකින් රැඳවියන් 150ක් පලා යයි | දිනමිණ

සිරකඳවුරකින් රැඳවියන් 150ක් පලා යයි

පිලිිපීනයේ දකුණු ප්‍රදේශයේ සිර කඳරවුරකට එල්ල වූ ප්‍රහාරයක් අතරේ රැදවියන් 150 දෙනෙකු පලාගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

එම වාර්තා පැවසුවේ සිරකඳවුරට නාදුනන තුවක්කුකරුවන් පිරිසක් කඩා වැදී ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ප්‍රහාරය අතරතුර රැදවියන් පිරිස පලාගොස් ඇති බවයි.

මෙලෙස පලාගොස් ඇත්තේ අන්තවාදී සංවිධානයකට අයත් රැදවියන් පිරිසක් බව හෙලි වී ඇත.

පිලිපීන ආරක්ෂක අංශ පවසන්නේ මෙම නාදුනන තුවක්කුකරුවන් පිරිස සැලසුම් සහගතව රැදවියන් සිරකදවුරෙන් ඉවත් කර ගැනීම සදහා මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

වෙඩි ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.


නව අදහස දක්වන්න

Or log in with...