ඔබාමා අවසන් වරට ජාතිය අමතයි | දිනමිණ

ඔබාමා අවසන් වරට ජාතිය අමතයි

වසර අටකට පෙර පැවති තත්ත්වයට වඩා අමෙරිකාව ශක්තිමත් ස්ථානයකට ඔසවා තැබීමට සිය පාලන කාලයේදී හැකි වූ බව අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා පවසයි.

අමෙරිකානු ජනාධිපති ධුරයෙන් සමුගැනීම සනිටුහන් කරමින් පැවති අවසන් දේශණයට එක්වෙමින් බරක් ඔබාමා මේ බව කියාසිටියා.

චිකාගෝහිදී සිදු කෙරුණු ඔබාමාගේ අවසන් දේශණය සිදුවන අවස්ථාව දැක ගැනීම සදහා ඔහුගේ පාක‍ෂිකයන් විශාල පිරිසක්ද එක්ව සිටියා.

ඔබාමාගේ සමු ගැනීමෙන් පසු අමෙරිකාවේ මීළග ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන 20 වනදා දිවුරුම්දීමට නියමිතයි.

නව අදහස දක්වන්න