ඔබාමා අවසන් වරට ජාතිය අමතයි - video | දිනමිණ

ඔබාමා අවසන් වරට ජාතිය අමතයි - video

වසර අටකට පෙර පැවති තත්ත්වයට වඩා අමෙරිකාව ශක්තිමත් ස්ථානයකට ඔසවා තැබීමට සිය පාලන කාලයේදී හැකි වූ බව අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා පවසයි.

බරක් ඔබාමා මේ බව කියාසිටියේ අමෙරිකානු ජනාධිපති ධුරයෙන් සමුගැනීම සනිටුහන් කරමින් පැවති අවසන් දේශණයට එක්වෙමින්.

චිකාගෝහිදී සිදු කෙරුණු ඔබාමාගේ අවසන් දේශණය සිදුවන අවස්ථාව දැක ගැනීම සදහා ඔහුගේ පාක‍ෂිකයන් විශාල පිරිසක්ද එක්ව සිටියේය.

ඔහු එහිදී සදහන් කළේ ඇති වී තිබෙන වෙනස්කම් තුළින් ඇමරිකානුවන්ට යහපත් අනාගතයක් බිහි වනු ඇති බවට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම තමන්ට සහයෝගය පළ කළ ඇමරිකානු ජනතාවට ස්තූතිය පිරිනමන බව ද ජනාධිපති ඔබාමා සිය අවසන් කතාවේදී සදහන් කලේය.

බැරක් ඔබාමා එළඹෙන 20 වන දා ජනාධිපති ධුරයෙන් නිළ වශයෙන් සමු ගැනීමට නියමිත අතර අමෙරිකාවේ මීළග ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන 20 වනදා දිවුරුම්දීමට නියමිතයි.

ඔබාමා අවසන් වරට ජාතිය අමතා සිදුකළ කතාව පහතින්

 

නව අදහස දක්වන්න