ඉරාකයෙන් IS ත්‍රස්ත බලය ගිළිහෙන ලකුණු | දිනමිණ

ඉරාකයෙන් IS ත්‍රස්ත බලය ගිළිහෙන ලකුණු

ඉරාකයේ IS ත්‍රස්තයන් සතුව පැවති බලය ගිළිහී යන තත්ත්වයක් උදාවී ඇති බව ISIS නායක අබු බකර් අල් බග්ඩාඩි පවසා තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ ඒ අනුව පලායාමට හෝ මරාගෙන මැරෙන ප්‍රහාර දියත්කිරීමට ක්‍රියා කරන ලෙස ISIS නායකයා සදහන් කර ඇති බවයි.

අවසන් නිවේදනය යයි සැලකිය හැකි නිවේදනයක් නිකුත් කරමින් ත්‍රස්තවාදී නායකයා මේ බව පවසා ඇතැයි විදෙස් පුවත් උපුටා දක්වයි.

ඉකුත් මාසයේ උතුරු ඉරාකයට දැවැන්ත ගුවන් ප්‍රහාර එල්ලවීමත් සමග ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්තයන් සතුව පැවති බලය කෙටි කලක් තුළ ක්ෂය වෙමින් පැවති බව ද සදහන්.

කෙසේ වෙතත් මේ වන විට රජයේ හමුදා සාර්ථක ලෙස බලය අත්පත් කරගනිමින් සිටින බව ද වාර්තා වේ.

නව අදහස දක්වන්න