දිල්ලියේ ගින්නකින් දෝනි නූලෙන් බේරෙයි | දිනමිණ

දිල්ලියේ ගින්නකින් දෝනි නූලෙන් බේරෙයි

ඉන්දියාවේ දිල්ලි නුවර හෝටලයක සිදු වූ ගින්නකින් ඉන්දීය ක්‍රිකට් පිලේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි තුවාල නොලබා බේරි ඇති බව විදෙස් වාර්තා පවසයි.

දිල්ලි ගිනි නීවීමේ දෙපාර්තුමේන්තුව සදහන් කලේ සිදුවීමෙන් කිසිවෙකුට හානියක් සිදුව නැති බවයි.

ද්වර්කාහී වෙල්කම් හෝටෙලයේ ගින්නක් හටගෙන ඇතැයි උදෑසන 06.30ට පමණ දුරකථන ඇමතුමක්  පැමිණි බවත්  ඉන්පසුව ගිනි නිවන භටයින් 30 දෙනකු එම ස්ථානයට යැවූ බවත් ගිනි නීවීමේ දෙපාර්තුමේන්තුව කියයි.

පෙරවරු 07.50 වන විට ගින්න සම්පුර්ණයෙන් මැඩ පැවැත්වීමට හැකි වූ බව ද කියයි.

මහේන්ද්‍ර සිං දෝනි ජර්කාන්ඩ් කණ්ඩායම දිල්ලියට පැමිණ ඇත්තේ විජේ හසාරේ තරඟාවලියේ අවසන් පූර්ව තරඟයට සහභාගී වීම සඳහාය.

ඔවුන්ගේ ක්‍රීඩා ඇඳුම් සියල්ල ගිනිගෙන විනාශ වී ඇතැයි ද තරඟය හෙට (18) දක්වා කල් දැමීමට සිදුව ඇතැයි ද වාර්තා වේ.

 

නව අදහස දක්වන්න