ට‍්‍රම්ප්ගේ රහස් ඇතුළත් පරිගණකයක් අතුරුදන් | දිනමිණ

ට‍්‍රම්ප්ගේ රහස් ඇතුළත් පරිගණකයක් අතුරුදන්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ රහස්‍ය තොරතුරු ඇතුළත් පරිගණකයක් නිව්යෝර්ක් නුවරදී අතුරුදන්ව තිබේ.

රහස් ඔත්තු සේවා නියෝජිතයෙකුගේ මෝටර් රථය තුළ තිබිය දී එම ලැප්ටොප් පරිගණකය කිසියම් අයෙකු විසින් සොරකම් කර ඇති බවයි පැවසෙන්නේ. 

එම පරිගණකය සොරාගත් පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සදහා අමෙරිකානු ආරක්‍ෂක අංශ පුළුල් විමර්ශන ආරම්භ කර ඇතැයි විදෙස් වාර්තා පවසියි.

අමෙරිකානු ජනාධිපතිවරයාට අයත් ට‍්‍රම්ප් ටවර් ගොඩනැගිල්ලේ මූලික සැලසුම, හිලරි ක්ලින්ටන්ගේ විද්‍යුත් තැපෑල සම්බන්ධයෙන් මතුවු ගැටලූවට අදාළ පරීක්‍ෂණවල තොරතුරු සහ රාජතාන්ති‍්‍රක තොරතුරු එහි ඇතුළත්ව තිබූ බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.  

නව අදහස දක්වන්න