ඇමෙරිකාවේ විවෘත වෙඩි තැබීමකින් 03ක් ජීවිතක්ෂයට | දිනමිණ

ඇමෙරිකාවේ විවෘත වෙඩි තැබීමකින් 03ක් ජීවිතක්ෂයට

ඇමෙරිකාවේ සිදුවූ විවෘත වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවල ලබා තිබේ.

විදෙස්  මාධ්‍ය වාර්තා කලේ කැලිෆෝනියාවේ සිදුවූ මෙම වෙඩි තැබීම වර්ගවාදී ප්‍රහාරයක් බවට පොලීසිය සැක කරන බවයි.

කලු ජාතිකයෙකු එල්ල කළ ප්‍රහාරයෙන් සුදු ජාතිකයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තත්ත්පර 90ක් තුළ මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

ඇමෙරිකා වේලාවෙන් ඊයේමෙම වෙඩි තැබීම සිදුව ඇත.

කොරි අලි මුහම්මඩ්  නැමැති පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර පසුව ඔහු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

අරාබි භාෂාවෙන් ‘දෙවියන් ශ්‍රේෂ්ඨයි’ යනුවෙන් ශබ්ද නගා හඩනගමින් ඔහු වෙඩි තබා ඇති බව ද වාර්තාවේ.

සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර එය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව ඇමෙරිකානු ආරක්ෂක අංශ ප්‍රකාශ කරයි.

 

නව අදහස දක්වන්න