ජුලියන් අසාන්ජ්ට එරෙහි ස්ත්‍රී දූෂණ චෝදනා ඉවතට | දිනමිණ

ජුලියන් අසාන්ජ්ට එරෙහි ස්ත්‍රී දූෂණ චෝදනා ඉවතට

විකිලීක්ස් අන්තරජාල වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ්ට එරෙහි ස්ත්‍රී දූෂණ චෝදනා පිළිබඳ විභාගය අත්හැර දමන ලද බවට වාර්තාවේ.

විභාගය අත්හැර දමන ලද්දේ දූෂණ චෝදනා යටතේ ජුලියන් අසාන්ගජ් අත්අඩංගුවට ගන්නා මෙන් ස්වීඩන් බලධාරීන් විසින් නියෝග කරනු ලැබීමෙන් අවුරුදු හතකට පසුවයි.

ස්වීඩන් බලධාරීන් විසින් තමා අත්අඩංගුවට ගනු ලැබුනොත් ඇමෙරිකා එක්සත් ජනපදයට භාරදෙනු ඇතැයි ප්‍රකාශ කළ ජුලියන් අසාන්ජ් එම අධිකරණ ක්‍රියාමාර්ගයට සහභාගී වීම ප්‍රතික්ෂේප කළේය.

අනතුරුව ජුලියන් අසාන්ජ්, සිය රැකවරණය පතා 2012 වසරේ දී ලන්ඩන් නගරයේ පිහිටි එක්වදෝර් තානාපති කාර්යාලයේ රැකවරණ ලබමින් සිටියි.


නව අදහස දක්වන්න

Or log in with...