ජර්මනිය එක්සත් කළ කොල් සමු ගනියි | දිනමිණ

ජර්මනිය එක්සත් කළ කොල් සමු ගනියි

බෙදී වෙන් වී තිබූ ජර්මනිය යළි එක්සත් කිරීමේ පියවර සකස් කළ තැනැත්තා බවට සැලකෙන ජර්මනියේ හිටපු චාන්සලර් හෙල්මුට් කොල් දිවියෙන් සමු ගෙන තිබේ.

මිය යන විට ඔහු අසූ හත් වෙනි වියේ පසු විය.

දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ඔහු බටහිර ජර්මනියේ පිහිටි සිය නිවසේ දී අවසන් හුස්ම හෙලූ බව වාර්තා වේ.

ඔහු විසින් වසර දාසයක් ජර්මනියේ චාන්සලර් ධුරය හොබවනු ලැබීය.

ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ නැසීගිය ෆ්‍රන්ශුවා මිටරෝන් සමග එක්ව යුරෝපය තුළ යුරෝ තනි මුදල් ඒකකය භාවිත කිරීම සඳහා ඔහු විශාල කාර්ය භාරයක් ඉටු කළේය.

එක්සත් ජර්මනියෙන් තර්ජනයක් එල්ල නොවන බව බ්‍රිතාන්‍යයට සහ රුසියාවට එත්තු ගැන්වීමට ද ඔහු සමත් විය.

(බී.බී.සිය ඇසුරෙනි)

නව අදහස දක්වන්න