මුහුදෙන් හමු වූ ඊජිප්තු පුරාවස්තු ප්‍රදර්ශනයට | දිනමිණ

මුහුදෙන් හමු වූ ඊජිප්තු පුරාවස්තු ප්‍රදර්ශනයට

අසංක බණ්ඩාර

ඊජිප්තුවට නුදුරු මුහුදේ සිදුකළ කැණීම් වලින් අනතුරුව ඊජිප්තු ශිෂ්ටාචාරයට අයත් දුර්ලභ ඝනයේ පෞරාණික වස්තු එකතුවක් ප්‍රංශයේ පැරිස් අගනුවර කෞතුකාගාරයක් තුළ මහජන ප්‍රදර්ශනය සඳහා සුදානම් කොට තිබේ.

මුහුදු ගවේෂකයන් කණ්ඩායමක් වසර හතක් ඊජිප්තුවට නුදුරු මුහුදේ සිදුකල කැණීම්වලින් අනතුරුව මෙම තීරණයට එළඔ ඇතැයි විදෙස් වාර්තා පවසයි.

එම කැණීම්වලින් සොයා ගත් සොයා ගත් පුරා වස්තු 200ක් මෙලෙස මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

වසර දහස් ගණනකට පෙර ඇති වූ ජල ගැලීමක් හේතුවෙන් සැඟවී ගිය දේවස්ථානයකට මෙම පෞරාණික වස්තු අයත් විය හැකි බවට ගවේෂකයෝ විශ්වාසය පළ කරති.

ඇතැම් පුරා වස්තු වසර දෙදහසකට වඩා පැරණි අතර මුහුද පතුලේ තැන්පත්ව තිබීම හේතුවෙන් ඒවා සංරක්ෂණය වී ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.

නව අදහස දක්වන්න