පුපුරා ගිය ආපන ශාලාවේ හිමිකරු සොයා මෙහෙයුම් | දිනමිණ

පුපුරා ගිය ආපන ශාලාවේ හිමිකරු සොයා මෙහෙයුම්

අසංක බණ්ඩාර

අනූ දෙනෙකු මරුමුවට පත්කරමින් නීති විරෝධී ලෙස පුපුරන ද්‍රව්‍ය ගබඩා කර තිබියදී අනතුරට පත් ආපන ශාලාවේ අයිතිකරු සොයා මෙහෙයුම් දියත් කර ඇති බව ඉන්දීය පොලිසිය පවසයි.

විදෙස් වාර්තා පැවසුවේ දෝෂ සහිත ගෑස් සිලින්ඩරයක් නිසා නොව විදුලි කාර්මික දෝෂයක් පිපිරීමට හේතු වී ඇති බවයි.

පිපිරීම සිදු වූ ආපන ශාලාව පිහිටා තිබෙන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ වන අතර අනතුර සිදු වූ ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රාන්ත මහ ඇමතිවරයා ද පැමිණ තිබේ.

පිපිරීම සිදු වන මොහොතේ කාර්යාල සේවකයන්ගෙන් සහ උදෑසන ආහාරය ගනිමින් සිටි පාසැල් ළමුන් ගෙන් ආපන ශාලාව පිරී පැවතුණු බව සදහන්.

 

 

 

 

නව අදහස දක්වන්න