උතුරු කොරියාවේ ප්‍රධාන න්‍යෂ්ටික බලාගාරය යළි සක්‍රීයයි | දිනමිණ

උතුරු කොරියාවේ ප්‍රධාන න්‍යෂ්ටික බලාගාරය යළි සක්‍රීයයි

අසංක බණ්ඩාර

උතුරු කොරියානු න්‍යෂ්ටික අවි වැඩසටහනට ප්ලූටෝනියම් අමුද්‍රව්‍ය සපයන ප‍්‍රධාන මූලාශ්‍රය වූ යොංබියොන් න්‍යෂ්ටික බලාගාරය යළි මුළුමනින්ම සක්‍රිය කර තිබේ.‍

අවි සීමා සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසින් 2007 වසරේදී මෙම න්‍යෂ්ටික බලාගාරය වසා දැමුණි.

2013 වසරේ පැන නැගුණු කලාපීය අර්බුදය හමුවේ එය යළි විවෘත කරන බව ඔවුන් ප‍්‍රකාශ කළේය.

ඒ අනුව උතුරු කොරියාව තුන්වන න්‍යෂ්ටික අත්හදා බැලීම සිදුකිරීමෙන් පසුව එළෙස විවෘත කරන ලදි.

කෙසේ වෙතත් යොංබියොන් න්‍යෂ්ටික බලාගාර සංකීර්ණය යළි සක‍්‍රිය කළ බව උතුරු කොරියාව මෙතෙක් නිළ වශයෙන් ප‍්‍රකාශ කර තිබුණේ නැහැ.

මේ අතරඋතුරු කොරියානු න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය සය පාර්ශවික සාකච්ඡා 2009 වසරේ සිට නතර වී ඇත.

 

 

 

නව අදහස දක්වන්න